මහල් 101ක් තරණය කළ පුදුම මිනිසා
ඊයේ (24) මෙම තරණය කිරීම් සිදු කිරීමට තිබුණු නමුත් තෙත් කාලගුණ හේතුවෙන් එය අද (25) දිනයට කල් දමා තිබුණි. හොනොල්ඩ්ගේ මෙම තරණය Netflix සජීවීව විකාශ කරන ලද අතර, යම් අනපේක්ෂිත සිදුවීමක් සිදු වූ විට සජීවී විකාශය ප්‍රමාද විය හැකි බව ද සඳහන් වේ.
අවසානයේ, හොනොල්ඩ් පැය 1 මිනිත්තු 31 ක කාලයකින් ගොඩනැගිල්ල තරණය කිරීම සම්පූර්ණ කල අතර ජයග්‍රහණය සැමරීම සඳහා ඔහු "Sick" යන වචනයක් භාවිතා කර තිබේ.
මෙම කාලය, එම ගොඩනැගිල්ල තරණය කළ පෙර වාර්තාකරුගේ කාලයට වඩා අඩු බවද සටහන් වී තිබේ. "ස්පයිඩර්මෑන්" ලෙස හඳුන්වන ප්‍රංශ ජාතික ඇලයින් රොබට්, එවකට ලෝකයේ උසම ගොඩනැගිල්ල වූ "Taipei 101" තරණය කළේ ලණු ආධාරය සමඟය.
ඔහුට ඒ සඳහා පැය 4ක් ගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හොනොල්ඩ් ගොඩනැගිල්ලේ මුදුනට ළඟා වූ විට, ඔහුගේ බිරිඳ ගොඩනැගිල්ල තුළ සිට එම සිදුවීම නරඹමින් සිටි ඇත.
89 වන මහලට ළඟා වූ මොහොතේ, රසිකයන් ඔහුට උද්යෝගය ලබා දුන් අතර, එම අවස්ථාව Netflix සහ හොනොල්ඩ්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත.