මොඩියුලේට අසභ්‍ය ලින්ක් එක ආවේ කුමන්ත්‍රණයකින්ද? රහස් පොලිසිය සොයයි
6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අයථා වෙබ් අඩවි ලිපිනයක් එක්වීම, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කළ සංවිධානාත්මක ක්‍රියාවක් දැයි සොයා බැලීමට රහස් පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලනික හෝ රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් පවතින්නේ ද යන සැකය මත පරීක්ෂණ කටයුතු පුළුල් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවත් මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාව එළඹෙන සතිය තුළ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදීමට නියමිත බවත් තොරතුරු වාර්තා වේ.