ඉරාක දේශසීමා ආසන්නයේ ආරක්ෂාව තර කෙරේ
By Mithu
සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ පවතින අස්ථාවර තත්ත්වය සහ බන්ධනාගාර කිහිපයකින් ෂීෂී සැකකරුවන් පලායාම හේතුවෙන් ඉරාක සීමා ආසන්නයේ ආරක්ෂාව දැඩි ලෙස පනවා පවතින බව වාර්තා වේ.
කුර්දි පාලනය යටතේ පවති බන්ධනාගාර සහ රැඳවුම් කඳවුරු සිරියානු රජයේ හමුදා පාලනයට පැවරීමේ ක්‍රියාවලිය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර, ෂීෂී සැකකරුවන් 200 කට ආසන්න පිරිසක් පලාගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, සිරියානු ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට පලාගිය සැකකරුවන්ගෙන් බොහෝ පිරිසක් නැවත අත්අඩංගුවට ගෙන ඇති බවයි.