දරුණු අනතුරක් - ගිලන් රථයක් අනතුරට ලක්වේ
By Ashfa
අද (25) දහවල් දඹුල්ල - හබරණ ප්රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්රදේශයේදී කුඩා ලොරි රථයක් ගිලන් රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
එම අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ සහායකයා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ගිලන් රථයේ පැමිණි රෝගියෙකුද තුවාල ලබා ඇත.
එමෙන්ම ගිලන් රථයේ රියදුරා සහා තවත් සේවිකාවක් තුවාල ලබා ඔවුන්ද දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධව හබරණ පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
ගිලන් රථය දඹුල්ලේ දෙස සිට හබරණ දෙසට ගමන් කර ඇති අතර ලොරි රථය හබරණ සිට දඹුල්ල දෙසට ගමන් කර තිබූ අතර ලොරි රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව හබරණ පොලීසිය සඳහන් කළේය.