බිහිසුණු අනතුරක් - ටිපර් රථයක් හා බස් රථයක් එකට ගැටේ - 30ක් රෝහලේ
ටිපර් රථයක් හා බස් රථයක් දික්වැල්ල - බෙලිඅත්ත මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙලෙස අනතුරට ලක් වුයේ වීරකැටිය ප්‍රදේශයේ සිට මාතර දෙසට ගමන්ගත් පුද්ගලික බස්රථයක් හා මාතර සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයකි.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 30දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.