දවස් 9ක් තිස්සේ හංගපු මළසිරුරක් මෙන්න

Report

දින 9ක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය, තුන්මෝදර, දෙළන්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුර අද (25) දහවල් වළ දමා තිබියදී සොයාගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ A.M. පසිඳු රන්දික අධිකාරි නැමැති තරුණයෙක් බවත්, ඔහුගේ සිරුර දෙළන්වත්ත ඇළ ඉවුරේ මහාභාණ්ඩාගාරයට අයත් ඉඩමක වළ දමා තිබියදී සොයාගත් බවත් වාර්තා වේ.

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන සහ වෛද්‍ය චාමර බාලසූරිය යන නිලධාරීන්ගේ සහය ඇතිව කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල විජේසිංහගේ නිරීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීම සිදුකර ඇත.

මෙම තරුණයා පිළිබඳව ඔහුගේ ඥාතීන් විසින් පසුගිය 2025.12.19 වන දින කුලියාපිටිය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බවත්, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, සැකපිට මියගිය තරුණයාගේ ඥාතියෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඌරන් සඳහා ඇද තිබූ විදුලි රැහැනක වැදී තරුණයා මියගොස් ඇති බවත්, අනතුරුව සිරුර රහසිගතව ඉහත ස්ථානයේ වළ දැමූ බවයි. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.