ටොන් 4ක රොකට්ටුවක් හඳට වැටෙයි - පෘථිවියට තර්ජනයක්ද? නාසා ආයතනයෙන් පැහැදිලි කිරීමක්
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ කොටසක් සඳ මතට තවත් සුළු වේලාවකින් කඩා වැටීමට නියමිතයි.
විදෙස් වාර්තා සඳහන් කළේ බස් රථයක් තරම් ප්‍රමාණයෙන් විශාල කිලෝ 4000 ක් බරින් යුත් මෙම කොටස සඳේ කක්ෂයට පිවිසි පැයට කිලෝමීටර 8690 ක වේගයෙන් සඳෙහි බටහිර ප්‍රදේශයට කඩා වැටීමට නියමිත අතර එමගින් මීටර 17 ක පමණ විශ්කම්භයකින් යුත් ආවාටයක් නිර්මාණය වනු ඇති බවයි.