පවතිතින තත්ත්වය මත උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ තීරණයක් - සියල්ල දැනුවත් කරයි

Report

අයහපත් කාලගුණය හමුවේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පැවැත්වීමට විශේෂ සාකච්ඡාවක් පවතින කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පවත්වා තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව හා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ගතහැකි පූර්වාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉදිරි දිනවලදී වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතුවලට සිදුවන බලපෑම් නිරීක්ෂණය කරමින් කඩිනම් පියවර ගැනීම සඳහා තම මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.

යම් හෙයකින් ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුවහොත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු සහ ආපදා සහන කණ්ඩායම් සීරුවෙන් තැබීමට ද පියවර ගෙන ඇත.

පසුගිය වසරේ උසස් පෙළ විභාගය පැවැති සමයේදී ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පැවැති ජලගැලීම් හමුවේ සිසුන් විභාග ශාලා වෙත යැවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු සේවාවන් යොදවා තිබුණි.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

සැලසුම් කර ඇති පරිදි 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.