පලාත් අතරෙ බස් දුවන්න පුලුවන්ද? තීරණය මෙන්න.

Provincial Dilum amunugama Bus service
By Aruna Jun 27, 2021 04:40 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් කමිටුවේ තීරණයට අනුව අන්තර් පළාත් බස් රථ කිහිපයක් සඳහා හෝ ගමන්වාර කිහිපයක් ලබාදීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

හෙට (28) දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය තවදුරටත් කල් දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha