ඉන්ධන මිල අඩු වීම හමුවේ බස් ගාස්තු වලට මොකද වෙන්නේ?.. බස් හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්.

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani May 01, 2023 09:43 AM GMT
krishani

krishani

Report

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමීම හමුවේ බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ය.

ඒ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බව ය.

එම ප්‍රකාශය පහතින්,

"ඩීසල් රු 15කින් අඩු කරාට අපිට ජනතාව වෙනුවෙන් ඒ ප්‍රතිලාභය දෙන්න ප්‍රායෝගිකව හැකියාවක් නෑ. මොකද හේතුව තමා රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා, ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නෑ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා සංගමය විදියට තීරණය කළා යම් ආකාරයක අපිට විද්‍යුත් ක්‍රමවේදයක් තුළ අපිට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනිමින් කොන්දොස්තරවරයා ඇතුව හෝ නැතුව විද්‍යුත් ක්‍රමවේදය මත කාඩ් පතකින් ජනතාවට මුදල් ගෙවන්න ක්‍රමවේදය සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය අපිට ජනතාවට දෙන්න පුළුවන්.ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය හෙට දුන්නොත් අපිට හෙට බස් ගාස්තුව අඩුකරන්න පුළුවන්. එහෙම නැතුව කිසිසේත්ම මේ බස් ගාස්තුව අපිට අඩුකරන්න පුළුවන් කමක් නෑ..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join