පුටුවක වාඩිකරලා පොලිස් නිලධාරියෙක්ට 25 දෙනෙක් පහරදීලා - පහරදුන් වීඩියෝවත් සමාජ මාධ්‍යයට දාලා

Report

සැමියා විදෙස්ගතව සිටින කාන්තාවක් පදිංචි නිවසකට ඇතුළු වූ පොලිස් කොස්තාපල්වරයකුට එම කාන්තාවගේ ඥාතීන් හා ගම්වාසීන් එක්ව පුටුවක හිදුවා පහරදී ඇති බව පොතුපිටිය පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පොතුපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

අඳාළ කොස්තාපල්වරයා ඉකුත් 13 වන දින රාත්‍රියේ පොතුපිටිය ,කත්ලාන ප්‍රදේශයේදී නිවසකට පැමිණ, අනතුරුව නිවෙසේ පදිංචි කාන්තාවගේ සැමියාගේ ඥාතීන් එය දැක අසල්වාසීන්ද සමඟින් කොස්තාපල්වරයා අල්ලාගෙන නිවසේ පුටුවක් මත හිදුවා පහරදී තිබෙනවා.

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කෙසේ වෙතත් මොහු නිවසේ සිටින කාන්තාව හා අනියම් ඇසුරක් පවත්වන බවත්ඒ අනුව නිවසට පැමිණ ඇති බවත් චෝදනා කරමින් පුද්ගලයන් 25 දෙනකු පමණ මෙසේ පහරදී ඇති බව සඳහන්.

එමෙන්ම පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු දැක්වෙන විඩියෝවක් පහරදුන් පාර්ශ්ව මඟින් සමාජ මාධ්‍යට ද එක් කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ කියා සිටියේ පහරදීමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් රැසකට සම්බන්ධ නිලධාරියකු වන අතර එදින ද ඔහු රාජකාරි කටයුත්තකට කත්ලාන ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් මග රැක සිට මෙම පහරදීම සිදු කර තිබෙන බවයි.

එමෙන්ම පහරදීම සිදුකළ පිරිස හඳුනාගෙන ඇති අතර ඔවුන් මේවන විට ප්‍රදේශය අතහැර සැඟව ඇති බව ද පවසයි.

කෙසේ වෙතත් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්. ජයරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත පොතුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද