කාර්යාල බස් රථයකට ප්‍රහාරයක් - රියදුරුට බරපතලයි

Report

කුරුණෑගල සිට කල්පිටිය දක්වා ධාවනය වූ කාර්යාල බස් රථයකට පාලවිය, කල්අඩිය ප්‍රදේශයේදී එල්ල වූ බෝතල් ප්‍රහාරයකින් එහි රියදුරු බරපතළ තුවාල ලබා තිබේ.

මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවූ බෝතලයකින් එල්ල කළ මෙම ප්‍රහාරය බස් රථයේ ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් ගොස් රියදුරාගේ මුහුණේ සහ ඇසක වැදී ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

ප්‍රහාරයෙන් තුවාල ලැබුවද, රියදුරා දැඩි පරිශ්‍රමයක් යොදවා බස් රථය ආරක්ෂිතව නතර කර ගැනීමට සමත් වී ඇත.

එම අවස්ථාවේ බස් රථයේ ගුරුවරුන් ඇතුළු මගීන් 50කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිටි අතර, රියදුරාගේ කල්පනාකාරී බව නිසා විශාල අනතුරක් වැළකී තිබේ.

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී