අපනයන ශක්තිමත් කිරීමට මෙරටට ඩොලර් මිලියන 100ක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ මූල්‍ය ආධාරයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. මෙම ආධාරය මෙරට අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහා යොදාගැනීමට නියමිතය.
මෙරට අපනයන ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා එම බැංකුවේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිදු කළ සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා සහය ලබාදීමට එම බැංකුව සූදානම් බවයි.