අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

Report

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අද (30) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, ජනාධිපතිවරයා මේ පිළිබඳව සෘජුවම පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බැවින් තමන් අද දින කාරක සභාව හමුවට පැමිණෙන්නේ නැති බව ඔහු එම ලිපියෙන් සඳහන් කර ඇත.

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්