ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර විශේෂ හමුවක්

Report

ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව ඉතාලි තානාපති ලෙස පත්ව ආ දාමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා  ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සුහද සාකච්ඡාවක නිරත විය.

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති ෆ්‍රැන්කොවිග් මහතා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළිත් තහවුරු කළේය.

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න