ශම්මි ගිය සතුට සමරමින් ජනපතිට ස්තූති කරන්න පිරිසක් ක්‍රිකට් ආයතනයට - හතර වටින්ම ප්‍රීති ඝෝෂා

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම සැමරීම සහ ඒ වෙනුවෙන් රජයට ස්තූතිය පළ කිරීම සඳහා පිරිසක් ඊයේ (29) පස්වරුවේ ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස් වූහ.

ජාතික කොඩි අතැතිව පැමිණි එම පිරිස සඳහන් කළේ ශම්මි සිල්වා මහතා ඉවත් කරන ලෙස බල කරමින් තමන් මාර්ගගත පෙත්සමක් (Online Petition) ආරම්භ කළ බවත්, එම විරෝධතාව වීදි බැසීමටත් පෙර ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීම ජයග්‍රහණයක් බවත්ය.

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

කෙසේ වෙතත්, ක්‍රිකට් පාලනය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් "ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව" පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණය පිළිබඳව මෙම පිරිස සිය අප්‍රසාදය පළ කළහ.

ක්‍රිකට් ආයතනය වැනි ආයතනයකට දේශපාලනඥයන් පත් නොකළ යුතු බව අවධාරණය කළ ඔවුන්, ජනාධිපතිවරයා එවැනි දේශපාලනික පත් කිරීම් සිදු නොකරනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බවද වැඩිදුරටත් කියා සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න