දුම්රිය ගාස්තුව, බස් ගාස්තුවත් එක්ක කරන්න යන දේ මෙන්න..

Business Mobile Sri Lanka Train Crash
By Aruna Jun 09, 2022 07:47 AM GMT
Aruna

Aruna

Report

දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් සියයට 50ක් වන පරිදි ඉහළ දැමීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ නිසා දෙපාර්තමේන්තුව දෛනිකව ලබන අලාභය හතරෙන් එකකින් අඩු කර ගැනීමටත් ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමටත් හැකි බව හෙතෙම කීය.

දුම්රිය ගාස්තු බස් ගාස්තු මෙන් සියයට විසිහතරකින් 24% අඩුවීම නිසා මගී ජනතාව වැඩි වශයෙන් දුම්රිය ගමනාගමනයට එක් වීම බස් රථ කර්මාන්තය අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව ඔහු පැවසුවේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළ නව ආකල්ප මත පිහිටමින් නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු අවධාරණය කළේ ය.

දෙපාර්තමේන්තුව සතු දේපළ රටට ප්‍රයෝජනවත් වන ලෙස දිගුකාලීන වැඩසටහන් සඳහා අවසර ලබා දීමට කටයුතු සූදානම් බව ජයසුන්දර මහතා වැඩිදුරට ත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now