හලාවතදී සිදු වූ බිහිසුණු අනතුරින් මිය ගිය ගණන ඉහළට.- ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

Hospitals in Sri Lanka Accident Srilanka Bus
By Wayomi Jul 05, 2024 05:55 AM GMT
Wayomi

Wayomi

Report

පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04) උදෑසන සිදුවූ මාරක රිය අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව මේ වන විට දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අනෙක් පුද්ගලයා අවුරුදු 30 ක් වූ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි, අනතුරට පත් බස් රථයේ රියදුරුය.

ජනපතිගෙන් හදිස්සි ගැසට් නිවේදනයක්. - විදුලිය සහ ඉන්ධන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

ජනපතිගෙන් හදිස්සි ගැසට් නිවේදනයක්. - විදුලිය සහ ඉන්ධන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.


එමෙන්ම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් තුන්දෙනෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළ බවත්,ඒ අතර එම රෝහලේම වෛද්‍යවරයෙකු ද සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)


කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථය මාර්ගය හරහා ඇදීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් සිමෙන්ති පටවාගෙන පැමිණි ලොරි රථයක ගැටී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති අතර දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇත.

මින් බස් රථයේ හා ලොරි රථයේ ගමන් කල 23 දෙනෙකු තුවාල ලබා හලාවත හා මාදම්පේ රෝහල් වෙත ඇතුලත් කෙරුනි.

මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (CCTV VIDEO)

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (CCTV VIDEO)