අධිවේගී මාර්ගයේ බස් අනතුරක්.... පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට...
By Kaushi
උතුරු පිලිපීනයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් වාහන කිහිපයක ගැටී සිදුවූ අනතුරකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමේ කවුළුවක් අසළ දී බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
මේ පිළිබඳ විමර්ශන එරට ආරක්ෂක අංශ මේ වන විටත් ආරම්භ කර ඇත.
එහි දී වැඩිදුරටත් වාර්තා වූයේ එරට ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් අනතුරට හේතු වූ බස් රථය අයත් සමාගමේ ප්‍රවාහන බලපත්‍රය ද මේ වන විට අත් හිටුවා ඇති බවයි.