අයවැය තෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදයේ දෙවන දිනය ආරම්භ කර ඇත.
ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය 15 වන දින ආරම්භ කළ අතර එය දින 17ක් පුරා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි ඡන්ද විමසීම දෙසැම්බර් 5වනදා ප.ව. 6.00ට සිදු කිරීමට නියමිත බවයි.
එමෙන්ම 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 118කින් සම්මත වී ඇත.
ඒ අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලෙසයි. එමෙන්ම 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇත.
මේ අතර 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ඉකුත් 7 වන දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.