කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇමලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක් වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අය අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇත.

මෙම චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ සිදු කරයි. ඉන් අනතුරුව, ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණි. එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වනදා කැඳවීමටද නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බවට සඳහන් වේ.

අනුර වල්පොල අත්අඩංගුවට

අනුර වල්පොල අත්අඩංගුවට