වැල්ලවාය - තණමල්විල මාර්ගයේ දරුණු අනතුරක් වාහන තුනක් එකට ගැටේ

Report

තවත් දරුණු අනතුරක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇත.

බස් රථයක් වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙකට ගැටීමෙන් අද (17) උදෑසන අනතුර සිදු වී තිබේ. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කරයි.

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාලිමාවේ දේශපාලන ක්‍රියාකරුවෙක් මත් ද්‍රව්‍ය පාර්සල්වල අලවන ස්ටිකර් ප්‍රින්ට් කරලා - ප්‍රේමනාත් සී. දොලවත්ත

මාලිමාවේ දේශපාලන ක්‍රියාකරුවෙක් මත් ද්‍රව්‍ය පාර්සල්වල අලවන ස්ටිකර් ප්‍රින්ට් කරලා - ප්‍රේමනාත් සී. දොලවත්ත