හරක් හොරු පස් දෙනෙක් පොලිසියට කොටු

Report

 අතුරුගිරිය පොලීසිය විසින් ගවයින් සොරකම් කිරීමේ නිරත සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ගවයින් සොරකම් කර ඇති බවට ලැබුණු පැමිණිලි මත සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි.

මෙම සැකකරුවන් විසින් අතුරුගිරිය, පානදුර අලුබෝමුල්ල, දොම්පේ, පිළියන්දල යන ප්‍රදේශවලදී මෙසේ ගවයින් සොරකම් කර ඇති බව වාර්තා වේ.

සියලුම රාජ්‍ය ආයතනවලට සහ පාසල්වලට අද සිට විශේෂ චක්‍රලේඛයක්

සියලුම රාජ්‍ය ආයතනවලට සහ පාසල්වලට අද සිට විශේෂ චක්‍රලේඛයක්

එම විමර්ශන මගින් ඔවුන් සොරකම් කළ ගවයින් කිහිප දෙනෙකු හා මෝටර් රථ කිහිපයක් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ගවයින් සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු හා ඔවුන් සොරකම් කළ 5 දෙනෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වාර්තා වේ.  

අනුර වල්පොල අත්අඩංගුවට

අනුර වල්පොල අත්අඩංගුවට