තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට
මරණ පරීක්ෂකවරුන්ගේ දීම නව වැඩි කිරීමට රජය විසින් තීරණයක් ගෙන ඇති බවට සඳහන් වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ පාර්ශන නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.
මුදල් වැඩි කිරීම සමග ඔවුන්ගේ වෘත්තීයභාවය පරීක්ෂා කිරීම කිරීම ද ඉතා වැදගත් බව එහිදී වැඩිදුරටත් ඔහු අදහස් ඉදිරිපත් කර තිබුණි.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෑශේෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ ඇති වූ විවාදයේදීය.