අයවැය දෙවනවර කියවීම අද...(LIVE VIDEO)

Report

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) පැවැත්වෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. 

එම විවාදය ලබන 21 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 6ට එහි ඡන්ද විමසීම සිදු කරනු ලබනවා.

කාරක සභා විවාදය පැවැත්වෙන්නේ නොවැම්බර් 22 වනදා සිට දින 19ක කාලයක් තුලයි.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පස්වරු 6ට පැවැත්වෙනවා.

මෙවර අයවැය තුලින් රාජ්‍ය සේවක දීමනා ඉහළ දැමීම,රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම, කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අවධානයක් යොමු කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කරනවා.

සමස්තයක් ලෙස ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වන දැක්මක් අයවැයේ නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

අයවැය කතාවේදී ජනාධිපතිවරයා යෝජනා කළේ මුදල් අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නමින් අධිකාරියක් පිහිටුවීමටයි. 


කැබිනට් අනුමැතියත් සමඟ අයවැය අද පාර්ලිමේන්තුවට...(LIVE VIDEO)

කැබිනට් අනුමැතියත් සමඟ අයවැය අද පාර්ලිමේන්තුවට...(LIVE VIDEO)