2026 අයවැය නොවැම්බර් 7 වැනිදා

Report

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් 11 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවාය.

මහින්දට තංගල්ලේදී උණුසුම් පිළිගැනීමක්

මහින්දට තංගල්ලේදී උණුසුම් පිළිගැනීමක්

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 7 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමටත්, නොවැම්බර් 8 සිට 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් එකඟතාවය හිමි වී ඇත. දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.

අනතුරුව, නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත්, දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් තීරණය වී ඇත.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින හා ඉරිදා හැර, සෙනසුරාදා ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම, කාරක සභා අවස්ථාවේ විවාද සඳහා පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙරවරු 9.30ටත්, අනෙකුත් දිනවල පෙරවරු 9.00ටත් රැස්වීමට තීරණය කර ඇත. 

Budget 2026 - Sinhala by poornima

රටවල් හතරක ඉන්න පාතාල ලොක්කෝ 15ක් පොලිස් දැලේ

රටවල් හතරක ඉන්න පාතාල ලොක්කෝ 15ක් පොලිස් දැලේ

ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තු දීමනා ගන්නේ නෑ කියන්නේ පට්ටපල් බොරු ඕනේ නම් ඔප්පු කරන්නම් - චමින්ද

ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තු දීමනා ගන්නේ නෑ කියන්නේ පට්ටපල් බොරු ඕනේ නම් ඔප්පු කරන්නම් - චමින්ද