රටවල් හතරක ඉන්න පාතාල ලොක්කෝ 15ක් පොලිස් දැලේ
රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (11) දින පැවති පාර්ලිමේන්තුවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව අනාවරණය කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
