මහින්දට තංගල්ලේදී උණුසුම් පිළිගැනීමක් [VIDEO]

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) කොළඹ, විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසින් ඉවත් වී තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි අතර, එහිදී මහින්ද රාජපක්ෂටත් ශිරන්ති රාජපක්ෂ මහත්මියටත් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

බොහෝ දෙනෙක් ඔවුන්ගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළහ.

මෙම ඉවත්වීම ජනාධිපතිවරයාගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත බලාත්මක වීමෙන් පසු සිදු වූ අතර, එම පනත හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශේෂ ප්‍රතිලාභ අහෝසි කිරීමට ඉලක්ක කර ඇත.

'සියලුම රටේ ප්‍රශ්න දැන් ඉවරයි - ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා' - මහින්ද යන්න යයි

'සියලුම රටේ ප්‍රශ්න දැන් ඉවරයි - ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා' - මහින්ද යන්න යයි

එම පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සංශෝධන නොමැතිව සම්මත විය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විජේරාම නිවසින් ඉවත් වන අවස්ථාවේ මාධ්‍යයට කෙටි ප්‍රකාශයක් කළාය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන් ඇය එම ප්‍රකාශය සිදු කළ බව වාර්තා වේ.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

ප්‍රශ්නය:- මැඩම් මාධ්‍යයට වචනයක් කියන්න.

පිළිතුර:- මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑනේ.මම දේශපාලනය කරන්නේ නෑනේ.වැඩ කරනවා විතරයි. කතාව නෑ මගේ.

ප්‍රශ්නය:- ආණ්ඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.

පිළිතුර:- ඒවා ගැන මම මොකුත් කියන්නේ නෑ.මම දේශපාලනය කරන්නේ නෑනේ.

ප්‍රශ්නය:- මැඩම් දුකින්ද ඉන්නේ?

පිළිතුර:- නෑ ,

යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු දුන්නාය.

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න