රජයෙන් පිරිසකට වන්දි - ලැබෙන පිරිස ගැන දැනුම්දීමක්.. එය ලැබෙන්නේ මෙහෙමයි.

Report

අද (13) අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වුවන් සහ විපතට පත් වුවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබෙන බවයි.

එයින් තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම වන්දි ගෙවීම් කඩිනමින් සිදු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කළ යුතු බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ය.