මෙවර අයවැයෙන් පාසල් සිසුන්ට ලැබෙන සහනය මෙන්න - පෙර පාසල් ගුරුවරුන්ටත් සුබ පණිවිඩයක්.

Report

අද (13) මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇති බවයි.

එමෙන්ම නොමිලේ ලබා දෙන පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක් ද නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක් ද වෙන් කර තිබෙන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ය. 

මෙවර අයවැයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර වෙනුවෙන් ගත් විශේෂ තීරණය - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙනුත් සුබම සුබ පණිවිඩයක් මෙන්න.

මෙවර අයවැයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර වෙනුවෙන් ගත් විශේෂ තීරණය - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙනුත් සුබම සුබ පණිවිඩයක් මෙන්න.


මේ අතර ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක් ද, දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක් ද, 05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක් ද වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක් වෙන් කර තිබීම ද විශේෂත්වයක් වේ.