ආණ්ඩුවේ තීරණාත්මක ඡන්දය හෙට..!

Report

2023 සඳහා වූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව අවසාන තීරණාත්මක ඡන්ද විමසීම එනම් තෙවැනි වර කියවීමේ ඡන්දය හෙට (8) පස්වරු 5ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

රජයේ අයවැය ලේඛනයට දේශපාලන පක්ෂ ගණනාවක් දැනටමත් විරෝධය පළ කර ඇති හෙයින් එම ඡන්ද විමසීමේදී ලේඛනය ජයග්‍රහණය කරාවිද පරාජයට පත්වේවිද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණ මාතෘකාවක්ව පවතී. 

 අය වැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් විදේශ සංචාර සහ අනෙකුත් කටයුතු නවත්වා අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස සියලුම පක්ෂ නායකයන් තම තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනටමත් දැනුම්දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now