ලංකාවට නව EV - බ්‍රවුන්ස් EV BAW M8, රු. මිලියන 21ක විශේෂ මිලකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ ක්‍රියාත්මක බ්‍රවුන්ස් සහ සමාගමේ විදුලි මෝටර් රථ අංශය වන Browns EV සමාගම, චීනයේ බීජිං ඔටෝමොබයිල් වර්ක්ස් (BAW) නිෂ්පාදනය වන නවතම BAW M8 බහුකාර්ය ඉලෙක්ට්‍රික් මෝටර් රථය ශ්‍රී ලංකා වෙළඳපොලට හඳුන්වා දී තිබෙනවා.
1951 සිට ඉතිහාසයක් ඇති BAW සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම M8 මෝටර් රථය ආසන 7කින් යුක්ත වන අතර, ඒකාබද්ධ පරාසය (combined range) කිලෝමීටර් 1050කට වැඩි මට්ටමක පවතිනවා. මෙය පවුල් භාවිතය, විධායක මට්ටමේ මෙහෙයුම් හා කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ඉතා සුදුසු වාහනයක් ලෙස සැලකෙනවා.

ප්‍රධාන ලක්ෂණ:
- ඉඩකඩ සහිත, සුවපහසු අභ්‍යන්තරයක්
- විශාල floating touchscreen
- Dual power sliding doors
- විදුලි බලයෙන් ගමන් කරන ආසන (electrically adjustable seats) – leg rests, seat heating, massage function සහ ventilation සමඟ
- Multi-zone climate control
- External power discharge capability (වාහනයෙන් බාහිර උපකරණවලට විදුලිය සැපයීමට හැකියාව)
- ආකර්ෂණීය වර්ණ 7කින් තෝරා ගැනීමේ හැකියාව
- ආරක්ෂාව සඳහා එයාර් බෑග් රැසක්, ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පද්ධතිය (Electronic Stability Control) සහ වැඩිදියුණු කළ තිරිංග පද්ධතිය

මෙම නවීන තාක්ෂණයෙන් පිරිපුන් M8 මෝටර් රථය ශ්‍රී ලංකාවේ මාර්ග හා ධාවන තත්ත්වයන්ට හොඳින් ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති බවත්, රිය පැදවීමේදී සුමට බව, විශ්වසනීයත්වය හා සුවපහසුව එකවර ලබා දෙන බවත් Browns EV සමාගම පවසනවා.
BAW M8 මෝටර් රථය ශ්‍රී ලංකා වෙළඳපොලට හඳුන්වා දෙන්නේ රුපියල් මිලියන 21ක සුවිශේෂී මිලකටයි. මෙම මිල ගණන හරහා අධි සුඛෝපභෝගීත්වය සහ දැරිය හැකි මිල අතර පරතරය පියවමින්, බහුකාර්ය ඉලෙක්ට්‍රික් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයක් Browns EV සමාගම ඉදිරිපත් කර තිබෙනවා.
මෙම මෝටර් රථය හඳුන්වාදීමේ උත්සව අවස්ථාවට LOLC සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා, බ්‍රවුන්ස් EV හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා, වුන්ස් EV හි ප්‍රධාන විධායක නිලධාරී පවිත්‍රා ජයසේකර මහත්මිය, BAW හි උප සභාපති Zhihong Gu මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
