උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනුයේ පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය කටයුතු කිරීමට අල්ලස් ලෙස රු 10,000ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.
ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී
තවද කින්නියා පොලිස් ස්ථානය තුළදීම ඊයේ (31) සවස 5.20ට පමණ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.