රැකියා ලබා දෙන පොරොන්දුව මත අල්ලස් ගත් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
රැකියා ලබා දීමේ පොරොන්දුව මත අල්ලස් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහායක තනතුරේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත අල්ලස් ගත් මෙම පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා මත අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
එල්ලවන චෝදනා අනුව, ඔහු අවස්ථා දෙකකදී පැමිණිලිකරුගෙන් සහ එහි මිතුරකුගෙන් රු. 40,000 ක මුදලක් සහ බැංකු ගිණුමක් මඟින් රු. 10,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන තිබේ.
එම නිලධාරියා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද පෙ.ව. 11.30 ට කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.