පුහුණුව තියේනම් ජපන් යන්න චාන්ස් එකක්
2026 වර්ෂය තුළ ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයින් 5000ක සංචිතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් ඊයේ (19) කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවෙන් වැඩි ශ්‍රමිකයින් බඳවා ගැනීමේ හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රධාන අරමුණ බවද ඔවුන් පැවසීය.
කෝශල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ 5000ක් පිරිසක් 2026 තුළ නිර්මාණය කිරීමටත්, 1000කට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමටත් නව වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
තවද, වැඩි පිරිසකට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ අරමුණෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර, භාෂා හා කුසලතාවලින් සපිරි ශ්‍රී ලාංකික පිරිසක් බිහිකිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
මේ තුළින් බොහෝ දෙනෙකුගේ රැකියා සිහිනය සැබෑ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.