මිනිස් සිරුරු 7කට අයත් අස්ථි කොටස් එකම තැනකින් හමුවෙයි

Jaffna Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 06, 2025 02:11 AM GMT
Hashini

Hashini

Report

 කෝපායි පොලීසිය පැවසුවේ යාපනය චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ සැකකටයුතු මිනිස් අස්ථි කෙටස් හමු වූ ස්ථානයේ සිදුකරන ලද වැඩිදුර කැනීම් වලදී මේ වන විට මිනිස් සිරුරු 7 කට අයත් අස්ථි කොටස් හමුව ඇති බවයි.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයන් පරිදි අදාල කැනීම් කටයුතු සිදුකෙරුණු අතර මේ දක්වා සොයාගත් මිනිස් ඇටසැකිලි හා සාක්ෂි අනුව අදාල ස්ථානය මිනිස් සුසාණ භූමියක්ද නැතිනම් සමූහ මිනිස් වලක්ද යන්න පිළිබඳ වාර්ථාවක් අද (06) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද යාපනය මහෙස්ත්‍රාත් වරයා යාපනය අධිකරණ වෛද්‍යවරයාට සහ පොලීසියට නියෝග කොට ඇත.

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

මේ අතර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය මෙන්ම යාපනය සිවිල් සංවිධන කිහිපයක් මගින් සහ උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව මගින් චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ කැනීම් සිදුකරන ස්ථානය යුද සමයේදී ක්‍රියාත්මක වූ සමූහ මිණිවලක් බවට සැක කරන හෙයින් අදාල කැනීම් කටයුතු ජාත්‍යන්තර නීතින්ට අනුව ජාත්‍යන්තර අධීක්ෂණයන් යටතේ සිදුකල යුතු බවටද ඉල්ලමින් විරෝධතාවන් පලකොට සිටිති.

පසුගිය පෙබරවාරි 16 වනදා චෙම්මිණි සුසාණ භූමියට අවශ්‍ය වූ නවීන පහසකමින් යුතු ආදාහනාගාරයක් ඉදිකිරීම උදෙසා නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව කොන්ත්‍රාත් කරුවෙකු විසින් ආදාහනාගාරයට අවශ්‍ය වූ අත්තිවාරම් කැපීම සේවකයින් යොදා සිදුකරන අතරවාරයේදී පොළව යට තිබූ මිනිස් අස්ථි කොටස් හමුවීම හේතුවෙන් සේවකයින් විසින් ඒ පිළිබඳව නල්ලූර් ප්‍රාදේශීය සභාවට දැනුම් දී තිබුණි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

පසුව නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් කෝපායි පොලීසියට දැනුම් දී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාල ස්ථානය ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කොට ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට නල්ලූර් ප්‍රාදේශීය සභාවට දැනුම් දෙනු ලැබීය. 

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

ReeCha