රෝහල් බෝම්බයේ කතාවෙන් හෙළි වූ භයානක ඇත්ත - ප්‍රවේසම් වන්න

corona virus Sri lanka security issue
By Sithumi Sep 18, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

ලංකා රෝහලේ වැසිකිලියේ කාලබෝම්බය ඇටවූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට පුරණ ද්‍රව්‍ය භාවිතයට පුහුණුව ලබාදුන්නේ කවුරුන්දැයි මෙතෙක් තහවුරුකර ගෙන නැත. 

 ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ යූ ටියුබ් සහ අන්තර්ජාලයෙන් එම දැනුම ලබාගත් බවකි. එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥයන් පවසන්නේ මෙම අත්බෝම්බය ඔහු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා ඇටවූ බව පිළිගත නොහැකි බවය. 

පුපුරණ ද්‍රව්‍ය භාවිතය ගැන හසල දැනුමක් ඇති නිලධාරීන් පවා එවන් ඇටවුම් කිරීමට දෙවරක් හිතන බවත් එය අවධානම් ක්‍රියාවක් බවත් පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් සදහන් කළේය. මෙම සැකකරු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එම බෝම්බය කාල බෝම්බයක් ලෙස ඇටවූයේ නම් ඊට පෙර මෙවන් ඇටවුම් කර හසල පළපුරුද්දක් ඔහුට තිබිය යුතු බව එම විශේෂඥයාගේ අදහසය. 

එසේ නොමැතිව කිසිදිනක අත්බෝම්බයක් අල්ලාවත් නොමැති පුද්ගලයෙකුට මෙවන් ඇටවුමක් කිරීමට නොහැකි බව ද ඔහු කියයි. මෙම සැකකරු ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් වන අතර වැඩිදුර අධ්‍යාපනයක්ද ලබා නැත්තෙකි. 

එවන් පුද්ගලයෙක් අන්තර්ජාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා ඒවා අත්හදා බලන්නේ නම් එය වඩාත් බරපතල මෙන්ම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළ බව නිවුස්වේවූ. එල්කේ වෙබ් අඩවිය සඳහාන් කරයි. ලංකා රෝහල් වැසිකිලියක කාලබෝම්බය ඇටවූ සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව හෙළිවී ඇත. 

 ඔහු මේ වන විට ආරක්ෂක අංශවලට ඔත්තු සපයන අතර ඔහු ලබාදුන් තොරතුරු මත පසුගිය කාලයේ සාර්ථක වැටලීම් රැසක් සිදුකර ඇතැයිද පොලිස් විමර්ශන වලින් තහවුරු වී ඇත. සැකකරුගේ සහෝදරියක්ද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව හෙළිවී තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha