දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසූ අයෙක් රිමාන්ඩ්
bomb
petrol bomb
sinhala news
srilanka news
By Sewvandhi
බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.
මෙම සැකකරු ඊයෙ (09) පෙරවරුවේ සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |