ගෙවත්තක ක්ලේමෝ බොම්බයක්

jaffna bomb sinhalanews srilankanews
By Gagana Nov 23, 2021 03:08 AM GMT
Gagana

Gagana

Report

යාපනය, වේලනෙයි, අම්බිකා නගර් ප්‍රදේශයේ ගෙවත්තක තිබි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාධිත කිලෝ හයක පමණ බරින්යුත් ක්ලේමෝ බෝම්බයක් සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසයි.

ඉඩම් අයිතිකරු විසින් වගා කටයුත්තක් සඳහා ඉඩම සකස් කරමින් සිටියදී සැකකටයුතු පාර්සලයක් දැක එ පිළිබඳ යුද හමුදාව දැණුවත් කිරීමෙන් අනතුරුව පොළව යට තිබූ ක්ලේමෝ බෝම්බය සොයාගත් බවයි.

‘කිලර් වෙල්වන් එස්.එන් 96 වර්ගයේ මෙම ක්ලේමෝ බෝම්බය එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුලව යොදාගත් බෝම්බයක් බව පොලිසිය පැවසීය.

පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් විසින් ආරක්ෂක අංශවෙත ප්‍රහාර එල්ල කිරීමට ගෙනවිත් ආරක්ෂිතව වළදමා තිබූ ක්ලේමෝ බෝම්බයක් බවට පොලිසිය සැකපලකරති.

සොයාගත් ක්ලේමෝ බෝම්බය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now