පෞද්ගලික රෝහලක තිබූ බෝම්බය ‘ගත්තේ’ ඇමති නිල නිවසකින් !
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව සඳහන් වනවා.
ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව එහි දැක්වෙනවා.
ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, විමර්ශන කණ්ඩායම් කිහිපයක් කොළඹ 07 පිහිටි එම ප්‍රභූ නිල නිවසට සහ පතුරෙම් සෙවීම සඳහා මහව සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඊයේ (16) පස්වරුවේ ගොස් ඇතැයි ද වාර්තා වනවා..
මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, සැකකරු පවසන ආකාරයට මෙම ජීව අත්බෝම්බය සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
