යාපනයේ බෝම්බයක් පුපුරා යයි..පොලීසිය වහාම ක්‍රියාත්මක වෙයි.

CID - Sri Lanka Police Police spokesman Jaffna Bomb Blast
By Aruna Oct 14, 2024 03:38 AM GMT
Aruna

Aruna

Report

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිදුවූ පිපිරිමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම තරුණයා කුඹුරක වැඩ කරමින් සිටියදී එහි වලදමා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි  පොලිසිය සැක කරන්නේ.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..දිවයින පුරා සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..දිවයින පුරා සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්..


සිදුවීම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.

එම සැකකරුවන් සමග විවිධ ප්‍රමාණවලින් යුත් කඩු හතක් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගලයන් පිරිසක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සඳහා සූදානමින් තීරෝද රථයකින් පැමිණෙන බවට ලද රහසිගත තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ දූෂණ මර්දන අංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී අන්තර්ජාල යෙදවුමක් හරහා පුද්ගලයෙකු සමග හිතවත් වී එම පුද්ගලයාව ගල්කිස්සට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ දෙකක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව පවතින නඩුවක වින්දිත එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය ප්‍රකාශ කරයි.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සොයිසා පුර සහ බායිවත්ත පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.