සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට එයි
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.
ඒ අල්ලස් කොමිසම විසින් සිදුකර තිබූ කැඳවීමක් මතයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාව මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක් ගැන ප්‍රශ්න කිරීම සඳහා බව වාර්තා වේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිත බව සඳහන්.
එබැවින් හිටපු අමාත්‍යවරයා අද (02) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.