විමල්ට අද වැඩ වරදීද? මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

Report

අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (02) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පැවැත්වූ රැස්වීමකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විමල් වීරවංශ අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඇත.

පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ දුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ දුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක් - පාස්කු ඉරුදින ප්‍රහාර නඩුව උණුසුම් වෙයි - අත්අඩංගුවට නොගන්නා ලෙස කල පෙත්සම ඉවතට

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක් - පාස්කු ඉරුදින ප්‍රහාර නඩුව උණුසුම් වෙයි - අත්අඩංගුවට නොගන්නා ලෙස කල පෙත්සම ඉවතට