කොංගෝවේ දරුණු බෝම්බ පිපිරීමකින් 30 දෙනෙක් මරුට 20ට තුවාල - 100ක් අත්අඩංගුවට
නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකුට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම වාර්තා වූ ආකාරයට අඳාළ පිපිරීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුරයි.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නැගෙනහිර කොංගෝවේ විරෝධතාවල නිරත වූ කැරලිකරුවන් 100ක පමණ පිරිසක් එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.