බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්
By Shehan
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසු වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමකට යටත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් බහුතර එකඟතාවයකින් මෙම තීන්දුව ලබා දී ඇත. එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වරදකරු බව තීන්දු කළ අතර, එක් විනිසුරුවරයෙක් ඔහු නිදහස් කිරීමට පක්ෂව ඡන්දය දී තිබේ.
2022 මැතිවරණයෙන් වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජයට පත්වීමෙන් පසු, බලයේ රැඳී සිටීමේ අරමුණින් කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් බොල්සොනාරෝ මෙලෙස දඬුවම් ලබා ඇත.