යතුරුපැදි රේස් ගිය 19 හැවිරිදි තරුණයා බිහිසුණු අනතුරෙන් අවාසනාවන්ත ලෙස මියයයි - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Aug 15, 2022 10:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. බෝකුන්දර ප්‍රදේශයේ මාර්ගයක තරගයට යතුරුපැදි ධාවනය කිරීමට ගොස් මෙම අනතුර සිදුව ඇත. එහි ධාවනය කරවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට ලක්ව ඇති යතුරුපැදි දෙකෙන් එක් යතුරුපැදියක් මේ වනවිට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. අනෙක් යතුරුපැදිය බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් අනතුර සිදුවන්නට මොහොතකට පෙර මියගිය තරුණයා යතුරුපැදියක නැගී ගමන්කරන අයුරු සහ අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් ජංගම දුරකථනයක පටිගතව ඇත.

(වීඩියෝ අයිතිය - අද දෙරණ )


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW