බුදු අම්මෝ!..ශීතකරණයක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..
ශීතකරණක් තුළ තිබී කාන්තාවකගේ සිරුරු කොටස් සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වනවා.
පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි මහාලක්ෂ්මි නැමැති තැනැත්තියක්.
ඇය තාවකාලිකව පදිංචිව සිටි බැංගලෝර් හි වයිලිකාවල් නගරයේ නිවස තුළ තිබූ ශීතකරණක තිබී ඇයගේ සිරුරු කොටස් 30ක් පමණ මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුදගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.
මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ඝන්ධයක් හමන බවට අවට පදිංචි ජනතාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පිටතින් දමා තිබූ අගුල් කඩා ඒ තුළට ඇතුල් වී තිබෙනවා. එහිදී නිවස තුළ සිදුකළ පරික්ෂා කිරීමේ දී එහි තිබූ ශීතකරණක් තුළින් මෙම කාන්තාවගේ සිරුරු කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඇයව ඝාතනය කර සිරුරු කොටස් ශීතකරණක් තුළ සඟවා දින පහකට පමණ පසු ඒවා මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඒවාට පණුවන් ගසා තිබූ බව සඳහන්.
මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින බවයි බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%