උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ මළසිරුර දේවස්ථාන භූමියකින් හමුවේ

Report

උතුරු පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන අංශයේ සේවය කොට විශ්‍රාම ගිය තිරුඥානම් ජෝන් ක්වින්රස් මහතාගේ මළසිරුර මන්නාරමේ සිප්පියාරූ ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන භූමියක තිබී 10 වැනිදා සොයාගෙන ඇත.

එතුමා හැට හැවිරිදි වියේ පසු විය. මියගිය අය දේවස්ථාන භූමියේ වැටී සිටින අයුරු දුටු ගම්වාසීන් පිරිසක් විසින් ඉලුප්පකඩවෙයි පොලිසියට දැනුම් දී තිබේ ඉන් පසුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 ඒ අනුව මියගිය පුද්ගලයා හඳුනාගැනීමට පොලිසියට හැකි වී ඇති අතර පොලිසිය ඒ බව නිවැසියන්ට දැනුම් දී  තිබෙයි. 

ඔහු සිද්ධිය වූ දිනයේදී සිය වාහනයෙන් දේවස්ථානයට ගිය බව පවුලේ උදවිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

පවුලේ සාමාජිකයන් සදහන් කළේ ඔහු ආපසු පැමිණීමට ප්‍රමාදවීම නිසා ඔහු ගැන විපරම් කොට බලන විට පොලිසියෙන් නිවසට පණිවුඩය ලැබුණු බවයි. නමුත් තවමත් ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී තිබේ .

පොල් මිල අහසට එළවලුත් ගිනි ගණන් මෙන්න

පොල් මිල අහසට එළවලුත් ගිනි ගණන් මෙන්න

සර්පයකු දෂ්ට කිරීම නිසා හෝ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මේ මරණය සිදුවන්නට ඇති බව පොලිසිය දැනට සැක පළ කරනු ලබයි. කෙසේ නමුත් මෘත දේහය මන්නාරම රෝහල වෙත ඔහුගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම පිණිස භාර දී තිබේ .

මෙම සිදුවීම සම්බන්ධව ඉලුප්පකඩවෙයි පොලිසිය විසින් තව දුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.

වෙඩි පහරින් මියගිය වැලිගම ලසන්තගේ හිස් වූ පුටුවේ සමීර වාඩි වෙයි

වෙඩි පහරින් මියගිය වැලිගම ලසන්තගේ හිස් වූ පුටුවේ සමීර වාඩි වෙයි