ඉරානයේ ගොඩනැගිල්ලක පිපිරීමක් - හතරක් මරුට
ඉරාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි බන්ඩර් අබ්බාස් වරායේ පිපිරීමක් සිදුව ඇති බවත් 4ක් මියගිය බවත්ය. මෙම පිපිරීම වරායේ මහල් 8ක ගොඩනැගිල්ලක් තුළ සිදුව ඇති අතර, එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පිපිරීමෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපතිවරයෙකු ඉලක්ක කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එරට පුවත් ඒජන්සියක් අවධාරණය කර සිටි අතර ඇතැම් වාර්තා පැවසුවේ මෙය ගෑස් කාන්දු පිපිරීමක් බවයි.
ගල්ෆ් කලාපය තුළ ඇමරිකානු හමුදා රැඳවීම් ඉහළ නැංවීමට ප්‍රතිචාර දක්වමින්, ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි ප්‍රකාශ කළේ තම හමුදාවන් උපරිම ආරක්ෂක සූදානමකින් පසුවන බවයි. "සතුරා යම් වරදක් කළහොත්, එය ඔවුන්ගේම ආරක්ෂාවට මෙන්ම කලාපයේ සහ ඊශ්‍රායල පාලනයේ ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇතැයි" ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවූවා.
එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් හමුදා ප්‍රධානියා පවසා සිටියේ, ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්ෂණය කිසිවකුටත් විනාශ කළ නොහැකි බවයි. විද්‍යාඥයින් දිවි පිදුවද එම තාක්ෂණය රටෙන් තුරන් කළ නොහැකි බව ඔහු අවධාරණය කල අතර අදාළ මූලාශ්‍රවලට අනුව, ඉරාන හමුදා මේ වන විට ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීම සඳහා දැඩි සීරුවෙන් පසුවේ.