මෙලානියා ට්‍රම්ප්ගේ ජීවිත කතාව සිනමාවට

Report

මෙලානියා ට්‍රම්ප්ගේ ජීවිත කතාව ඇසුරින් නිෂ්පාදනය කළ චිත්‍රපටයේ ප්‍රදර්ශනය ආරම්භ වී ඇත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප්ගේ ජීවිතය සහ ඇය නැවතත් ජනාධිපති බිරිඳ ලෙස රාජ්‍ය ජීවිතයට අවතීර්ණ වූ ආකාරය දැක්වෙන නව වාර්තා චිත්‍රපටය වොෂින්ටන්හි කෙනඩි මධ්‍යස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පළමු ප්‍රදර්ශනය සිදු කර තිබේ .

මෙම සුවිශේෂී අවස්ථාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටි බව වාර්තා වේ  .

  සාමාන්‍ය පුරවැසියෙකු වූ මෙලානියා ට්‍රම්ප් නැවතත් අමෙරිකාවේ ප්‍රථම කාන්තාව හෙවත් ජනාධිපති බිරිඳ දක්වා පැමිණි ගමන් මඟ මෙන්ම ඇයගේ ව්‍යාපාරික කටයුතු, පවුල් ජීවිතය සහ ඇය සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව මෙම වාර්තා චිත්‍රපටය මගින් දැකගත හැකිය.

මෙලානියා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද්දේ තම පෞද්ගලික ජීවිතයේ සිට යළිත් රාජ්‍ය වගකීම් කරා පැමිණීමේදී සිදුවන පරිවර්තනය ලෝකයාට පෙන්වීම තම අරමුණ බවයි .

මේ පිළිබද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නිර්මාණය අගය කරමින් කියා සිටියේ මෙය ධවල මන්දිරයේ ජීවිතය පිළිබඳ වැදගත් චිත්‍රයක් මතු කරන සුවිශේෂී නිර්මාණයක් වන බවයි.   

මාරාන්තික නිපා නොසලකා හරින්න එපා රවි කියයි

මාරාන්තික නිපා නොසලකා හරින්න එපා රවි කියයි

ලෝකෙම ආදරේ දිනූ ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මව ජීවිතක්ෂයට - කෙවින්ගෙනුත් සංවේදී සටහනක්

ලෝකෙම ආදරේ දිනූ ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මව ජීවිතක්ෂයට - කෙවින්ගෙනුත් සංවේදී සටහනක්